Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th September 2020 20:51:14 Hours

සමුද්‍රීය පරිසර සතිය නිමිත්තෙන් මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව සමුද්‍රීය පරිසර සතිය නිමිත්තෙන් මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මත 2020.09.21 වන දින දවස පුරා හම්බන්තොට වෙරළ උද්‍යාන මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.

ඒ අනුව එම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 12 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා සෙසු නිලයින් සහභාගි විය.