Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th March 2018 17:44:02 Hours

සමාජ ජාලා භාවිතය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීම

යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් පරිදි මෙම ආරක්ෂක සේනා මුලස්ථනයේ ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම මත මෙම මුලය යටතේ රාජකාරි නියුතු ඒකකයන්හි නිලධාරින්/සෙසු නිලයින් හට සමාජ ජාලා භාවිතය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුලුවක් 2018.03.28 වන දින 0900 පැයට මෙම මුල දේශණ ශාලාවේදි පත්වන ලදි.

මෙම දේශණයෙදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මුහුනු පොත, ටිවිටර්, ලින්ක්ඩ්ඉන් ඇතුලු සමාජ ජාල භාවිතා කිරිමේදි පිළිපැදිය යුතු කරුණු පිළබඳව දැනුවත් කිරිමක් සිදු කල අතර, ඒ සඳහා 12 වන ශ්‍රි ලංකා සංඥා බළකායේ රාජකාරි නියුතු මේජර් ටි ඩි ටි විජේසිංහ යන ජ්‍යේෂ්ඨ නිලධාරි විසින් එම දැනවත් කිරිමේ වැඩමුලුව පවත්වන ලදි. තත් වැඩමුලුව සඳහා නිලධාරි/සෙසු නිලයින් 15 x 150 ක් පමණ සහභාගිවන ලදි.