Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th December 2024 10:31:44 Hours

ශ්‍රී සුමන සමන් දේව ප්‍රථිමාව/සධාතුක කරඩුව දේව ආභරණ වැඩමවීම සහ නල්ලතන්නීය ශ්‍රී පාදස්ථානයේ මාර්ගයේ සීත ගඟුල අසල පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කිරීම

ශ්‍රී පාදස්ථාන වන්දනා වාරය 2024.12.14 පොහොය දිනෙන් ආරම්භ වු අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ශ්‍රී සුමන සමන් දේව ප්‍රථිමාව/සධාතුක කරඩුව සහ දේවා ආභරණ ගල්පොත්තාවල පුරාණ පොත්ගුල් විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථාන උඩ මළුව දක්වා වැඩම කරවීම වෙනුවෙන් 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 02x100 කින් යුත් භටපිරිසක් සහභාගීවු අතර, ආසේමු(මධ්‍යම), 11 පාබල සේමු , 111 පාබල බසේමු, 642 පාබල බසේමු, 8 ගැහේබ වෙතින් 00 x 150 කින් යුත් භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වි උඩමළුවේ මල් සැරසීලි කිරිම සිදුකරණ ලදි.

තවද, බොඩිලයින් සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව එම ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් නල්ලතන්නීය ශ්‍රී පාදස්ථානයේ මාර්ගයේ සීත ගඟුල අසල පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කිරීම 2024.10.23 වන දින ආරම්භකර 2024.12.08 වන දින දින දක්වා 17 ඉසේරෙ වෙතින් 00x16 ක් සහ 19 ශ්‍රිලංජාඅබමු 00x08 කින් යුත් භඨ පිරිස් ප්‍රමාණයකින් ශ්‍රම දායකත්වය ලබාදි එහි වැඩ කටයුතු අවසන් කිරීමට ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් වයි ඒ බී එම් යහම්පත් RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි කටයුතු කර අම්භලමේ වැඩකටයුතු නිමකිරිමෙන් පසු 2024.12.13 වන දින ආඥාපතිගේ සුරතින් මෙම ස්ථානය සැදෑවත් වන්දනා කරුවන්ගේ අයිතියට පත්කිරීම සිදුවිය.