Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th March 2021 16:14:19 Hours

ශ්‍රි ලංකා ස්වෙච්ජා පුහුණු පාසල දියතලාව තවත් ආධුනික පුහුණු පාඨමාලා අංක 79 හැදැරූ ආධුනික සෙනින් 118 දෙනෙකු විසිර යති

ශ්‍රි ලංකා ස්වෙච්ජා පුහුණු පාසලේ මුලික යුධ පුහුණුව හදාරා ආධුනික සෙබළුලුන් 118 දෙනෙකු 2021.03.23 වන දින එම පුහූණු පාසලේ ප්‍රධාන සරඹ භූමියේ දී විසිර යන ලදී.

විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහාභාගි වු අතර, ස්වෙච්ජා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච් ඒ කීර්තිනාත ආර්එස්පි යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු කඳවුරු මුරයක් සහ ආධුනික සෙබළුන් විසින් සම්මාන පෙළපාලියක් ආඥාපති තුමන් හට පිරිනැමීමෙන් අනතුරුව සෑම අතින්ම අතිශූර සෙබලාට සහ හොඳම වෙඩිතැබීමේ සෙබලාට හිමි ත්‍යාග ආඥාපති තුමන්ගේ සුරතින් පිරිනමන ලදී. තවද, ආඥාපති තුමන් විසින් ඔවුන් හට භඨපිරිස් ඇමතීමන් සිදු කිරීමෙන් පසු විසිරයාමේ පෙළපාලිය නිමාවට පත් කරන ලදී.