Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th April 2020 15:37:13 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් නව විෂබීජ නාශක කුටියක් නිර්මාණය කරයි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි කොවිඩ් - 19 වෛරස පැතිරීම වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ආරක්‍ෂක සේනා ඉංජිනේරු කාර්යාලය විසින් කළ නවෝත්පාදනයක් ලෙස විෂබීජ නාශක කුටියක් නිර්මාණය කරන ලදි. එම නිර්මාණය කරන ලද විෂබීජ නාශක කුටිය නිරෝධායන මධ්‍යස්ථාන වල රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරුන්ගේ විෂබීජ හරණ කටයුතු වෙනුවෙන් යෙදවිමට නියමිතව ඇත.