Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2019 15:06:40 Hours

ශ්‍රි දළදා යල් අස්වනු පුජාව - 2019

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම වෙතින් පාළණය වන 11 සේනාංක මුළස්ථාන බළප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදි වාරිමාර්ග සහ ජල සම්පත් ආපදා කළමණාකරන අමාත්‍යංශය වෙතින් ගොවි බැතුමතුන් 3000 ක සහභාගිත්වයෙන් 2019.10.03 වන දින 0800 පැයේ සිට යල් අස්වනු පුජාව පවත්වන ලදි.

එම උත්සව කටයුත්ත සඳහා 11 සේනාංක මුලස්ථානය හා යටතේ පාළණය වන ඒකකයන් වෙතින් 03 x 40 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවු අතර,ගොවි බැතිමතුන් 3000ක් සඳහා දිවා දන්සල වෙනුවෙන් කුඩාරම් ඉදිකිරිම, ආහාර සැකසීමේ කටයුතු මෙන්ම එදින ආහාර බෙදාදීම් කටයුතු භඨපිරිස් දායකත්වය මත සිදු කරන ලදි.