Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th January 2020 15:28:39 Hours

ශ්‍රිපාදස්ථාන භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

මෙවර ශ්‍රිපාදස්ථාන වන්ඳනා වාරය ඇරඹීමත් සමග එය වැඳපුදා ගැනිමට විශාල වශයෙන් පැමිණෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නි මාර්ගය දැඩි පාරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත අනෙකුත් නිලධාරින්ගේ පුර්ණ දායකත්වය අධික්ෂණය මත ශ්‍රමදාන වැඩසටහනක් 2020.01.23 වන දින පවත්වන ලදි.

ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම හා යටතේ පාලනය වන සේනාංක, බළසේනා මුලස්ථාන හා ඒකකයන් මෙන්ම පුහුණු පාසල් වෙතින් නිලධාරි සහ සෙසුනිලයින් දෙසියකින් සමන්විත කන්ඩායමක් සහභාගිවුහ. මෙහි ප්‍රධාන අරමුණ වුයේ ශ්‍රිපාදස්ථාන සමය ආරම්භ වීමත් සමගම දෙස් විදෙස් විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රිපාදස්ථානය කරුණා කිරිමට පැමිණෙන අතර, ඔවුනට වටපිටා සුන්ඳරත්වය හා විචිත්රවත්වය පෙර තිබු අයුරින් දැකබලා ගැනීමයි.