Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2020 10:29:26 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උඩවෙල ග්‍රාම නිලධාරි වසම සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රජවැල්ල ප්‍රදේශවාසින් 322 ක් සඳහා ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.06.09 දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදුකරන ලදි.

මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 112 බසෙමු සහ ශ්‍රීලංරබ ඒකකයේ රාජකාරි නියතු 00x04 කින් යුත් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ශ්‍රම දායකත්වය ලබාදී ඇත.