Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th August 2024 15:17:56 Hours

වැල්ලවාය හඳපානාගල මෙත් සේවා පදනම මගින් රැකබලා ගනු ලබන විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් සඳහා සංග්‍රහයක් සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 12 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සේනාංකාධිපති යන ජ්‍යෙෂඨ නිලධාරි ගේ මඟ පෙන්වීම හා 121 වන පාබල බලසේනාවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 2024 අගෝස්තු 17 වන දින හදපානාගල වැල්ලවාය මෙත් සේවා පදනමේ විශේෂ අවශ්‍යතා සහිත අයවලුන් සදහා 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව විශේෂ අවශ්‍යතා සහිත අයවලුන් 100 දෙනෙකුට හට ප්‍රනීත රාත්‍රී ආහාර වේලක් ලබා දී කැලිප්සෝ සංගීතය සමග එක්ව විනෝදාත්මක රාත්‍රියක් සංවිධානය කර තිබූ අතර, ඔවුන් හට සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් ද පරිත්‍යාග කරන ලදි. මෙහි මුල්‍ය දායකත්වය කොළඹ බොරලස්ගමුව ප්‍රදේශයේ කාරුණික පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් සිදුකර ඇත.