Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th March 2018 12:52:15 Hours

වාර්ෂික ක්‍රීඩා උත්සවය විරුකැකුළු පෙරපාසල දියතලාව

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙරපාසලෙහි ඉගනුම ලබන දරුදැරියන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රීඩා උත්සවය මෙවරත් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඡී ආර් එච් ඩයස් යුඑස්පි එන්ඩිසී පිඑස්සී අයිඡී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2018.03.26 වන දින දියතලාව විරුකැකුළු පෙරපාසලේදී පවත්වන ලදි.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන සුජිවා වික්‍රමරත්න මහත්මිය සහභාගි වු අතර දියතලාව විරුකැකුළු පෙරපාසල භාර ඡ්‍යෙෂ්ඨතම සාමාජිකාව වන තනුජා ඩයස් මහත්මිය සහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ශාඛාවේ ඡ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟ මෙම මුල රාජකාරි නියුතු නිලධාරින්ද සහභාගි විය.