Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2020 10:16:20 Hours

ලෝක ළමා දිනය නිමෙත්තෙන් යුද්ධ හමුදාව විසින් වැඩසටහන් මාලාවක් පවත්වයි

ලෝක ළමා දිනය නිමිතිකොට ගෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මුලය යටතේ පාලනය වන පාබල සේනාංක මුලස්ථාන හා පාබල බලසේනා මුලස්ථානයන් විසින් වැඩසටහන් මාලාවක් කුඹුක්කන, කාවන්තිස්සපුර,වැල්ලවාය, හම්බන්තොට ප්‍රදේශවල පෙරපාසල් කිහිපයක 2020.10.01 දින පවත්වන ලදි.

උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරමින් එම මධ්‍යස්ථානන්හී ඉගෙනුම ලබන කුඩා දරුවන් විසින් ආරාධිත අමුත්තන් අභියස දී සිය සෞන්දර්යාත්මක කුසලතා එළි දක්වනු ලැබූ අතර ලෝක ළමා දිනය සනිටුහන් කරමින් එම ළමුන්ට ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදි. එම අවස්ථාන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 12 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී එම් එච් ඩී බණ්ඩාර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් පීකේඩබ්ඩබ්එම්ජේඑස්බීඩබ් පල්ලේකුඹුර ආර්ඩබ්පී ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරින් පිරිසක් සහභාගි විය.