Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th July 2020 19:34:56 Hours

ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්වීම

11 වන සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත හා පූර්ණ අධීක්‍ෂණය යටතේ මහනුවර මහරෝහලේ ප්‍රාදේශීය ලේ බැංකුවේ සම්බන්ධතාවයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2020.07.01 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා 11 වන සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.

එම වැඩසටහන සඳහා 11 සේනාංක මුලස්ථානයේ හා ඒ යටතේ පාලන වන 111 බසේමු /ඒකකයන් / පුහුණු පාසල් වෙතින් 07 x 145 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රොගියෙකු වෙනුවෙන් කරන්නා වු මෙවැනි සත්ක්‍රියා ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.