Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2023 09:00:00 Hours

රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල, තාක්‍ෂණික උපකරණ දියතලාව යුධ හමුදා මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන යුධ හමුදා මූලික රෝහල තුලින් ප්‍රථීකාර ලබාගන්නා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල තාක්‍ෂණික උපකරණ දියතලාව යුධ හමුදා මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරණ ලදී.

ශ්‍රී ලංකා රෝහල් ගිලන් සේවා සංගමයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුදාති හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම මත එංගලන්තයේ සිල්වියා පදනම හා ඕස්ට්‍රේලියා සිඩ්නි හා මෙල්බර්න් රෝහල් සේවා මණ්ඩල සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වයෙන් 2023.09.12 වන දින යුධ හමුදා මූලික රෝහල දියතලාව පරිශ්‍රයේදී ලබාදීමට කටයුතු කටයුතු කරන ලදී. මෙම සත්කාරමය වැඩසටහන් සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් පිඑච්එන්එච් පෙරේරා ශ්‍රීලකාහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි හා මූලික රෝහල දියතලාව අණදෙන නිලධාරි වෛද්‍ය මේජර් කේආර්ඒ පෙරේරා යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් පිරිසක් සහභාගී වන ලදී.