Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2018 12:22:19 Hours

රුදුරු වර්ෂාවෙන් පිඩාවට පත් ඡනතාවට හමුදා සාමාඡිකයන් සහය ලබාදිම

ආරක්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම) බළප්‍රෙද්ශයට මේදිනවල බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඔහිය දුමිරිය ස්ථානයේ සිට දියතලාව දෙසට ස්ථාන කිහිපයක දුමිරිය මාර්ගයට පස් කදු කඩා වැටීම හා ගස් පෙරලීම හේතුවෙන් දුමිරිය ගමනා ගමනයට බාධා ඇතිවිය. එම මාර්ගය නැවත යථා තත්වයට පත්කිරීම සදහා 2017.12.01 වන දින මෙම මූලය හා 7 ශ්‍රීලංසංබ, සෙවිබපූපා (දිය) රාඡකාරීයේ නියුතු 01 x 25 කින් යුත් භඨපිරිසක් එදින මහත් පරිශ්‍රමයක් යොදා දුමිරිය ගමනා ගමනයට සුදුසු වන අයුරින් සකස් කරන ලදී.

එදිනම ඔහිය උඩවෙරියවත්ත කොටසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් හා එම ගමිමානයට පිවිසෙන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අවතැන් වූ ඡනතාව වෙත සහන සැලසීම වස් මාර්ගය යථා තත්වයට පත්කිරීම සදහා සෙවිපූපා දියතලාව වෙතින් 01 x 25 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගී කරවීමෙන් මාර්ගය යථා තත්වයට පත්කරන ලද අතර, එම අවස්ථාවන් නිරීක්ෂණය කිරීම හා ඉදිරි උපදෙස් ලබාදීම සදහා මෙම මූල බ්‍රිගේඩියර් කේ ප්‍රේමතිලක ආර්ඩබිලිවිපී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරීද සහභාගී වන ලදී.

තවද, අයහපත් කාලගුණය හේතුවෙන් දියතලාව ඇල්ලගම දකුණ පිහිටි ඡලපොමිපාගාරය ශුද්ධ පවිත්‍ර කර නැවත පරිහරණයට සුදුසු වන පරිදි සකස් කිරීම සදහා 01 x 05 ක භඨපිරිසක් මෙම මූලය වෙතින් සහභාගී කරවන ලදී.