Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th April 2024 17:49:50 Hours

රාමසාන් (ඉෆ්තාර් - උපවාසය අත්හැරීම) ආගමික උත්සව අවස්ථාව සිදු කිරීම පිළිබදව විස්තර ඉදිරිපත් කිරීම

රාමසාන් උත්සවය ලෝකවාසි ඉස්ලාම් ප්‍රජාවට ඉතාම වැදගත් උත්සවයකි (ඊදුල් ෆීතර්) එනම් මුහම්මද් නබි තුමන්ට මුලික මඟ පෙන්වීම ලැබුණු කාල සීමාව රාමසාන් කාලය ලෙස හදුන්වනු ලබන අතර, එම කාලසීමාව ،උපවාසයේ යෙදීම٫ මුස්ලිම් බැතීමතුන් විසින් සිදුකරනු විශේෂ ආගමික වැඩපිළි‍වෙලක් වේ.

ඒ අනුව ،උපවාසයේ යෙදීම٫ අත්හැරීම වෙනුවෙන් මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ආගමික අවස්ථාව සිදු කිරීම සඳහා 2024 අප්‍රේල් මස 08 වන දින 0600 පැයට පමණ ගොල්ෆ් ක්ලබ් හි සංවිධානය කර තිබු ،ඉෆ්තාර්٫ (උපවාසය අත්හැරීම) උත්සව අවස්ථාව වෙනුවෙන් හපුතලේ ජුම්මා මුස්ලීම් පල්ලීයේ ප්‍රධාන පුජක තුමන්, කහගොල්ල සහ දියතලාව යන මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක තුමන්ලා, ඇතුළුව ඉස්ලාම් දායක සභාවේ සභාපති වරුන්, ලේකම් වරුන් හා පිරිසත් මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා නිලධාරිනියන් මෙන්ම සෙසු නිලයින්ද එම අවස්ථාව සඳහා සහභාගිවු අතර, තත් උත්සව අවස්ථාව ඉතාමත් සාර්ථකව සිදුකීරිමට කටයුතු කරන ලදී.