12th October 2024 21:14:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2024 ඔක්තෝබර් 10 වන දින රණකෙළිය - තිස්සමහාරාම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා අලුතින් ඉදිකරන ලද නිවසක් භාරදීමට කටයුතු සිදුකරන ලදි. මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා 12 ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබා දුන් අතර, චන්ද්‍රානි ජයසූරිය මහත්මිය විසින් මුල්‍ය අනුග්‍රහය නොමසුරුව ලබා දෙන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා 122 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් අවශ්‍ය මගපෙන්වීම් ලබා දුන් අතර, 12 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ගේ අධික්ෂණය යටතේ භට පිරිස් විසින් ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදි.
මෙම සමාරම්භක අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ප්‍රථිලාභී පවුලේ සාමාජිකයින් සහ සිවිල් වැසියන් එක්ව සිටියහ. උත්සවය අවසානයේ 12 වන පාබල සේනාංකාධිපති විසින් ප්‍රථිලාභී පවුල, දානපති පවුලේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.