Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2019 12:26:52 Hours

රණක්‍ෂියටපත් පත් යුද්ධ හමුදා රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා 11 වන සේනාංකාධිපති තුමන් සංචාරය කරයි

70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාම්ව 11 සේනාංක මුලස්ථානයේ එක් අංගයක් වශයෙන් රණක්‍ෂියටපත් පත් යුද්ධ හමුදා රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරන මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරි/නිළධාරියන් හා සෙසුනිළයින්ගෙන් සමන්විත කණ්ඩායමක් 2019.10.10 වන දින පිටත්ව යන ලදි.

ඒ අනුව අභිමංසල පාන්ගොල්ලහි ප්‍රතිකාර ලබමින් සිටින රණක්‍ෂිතයටපත් රණවිරුවන් හට එදින විනෝදය හා ප්‍රිතිය හදවතින් ගෙනහැර පැමට සහභාගිවු සියළුම අයවළුන් සමත් වු අතර, තිස් වසරක කුරිරු ත්‍රස්ථවාදය මුළුමුනින්ම රට තුලින් තුරන් කිරිමට ඇපකැප වු රණවිරුවන් සිහිපත් කරමින් කරන්නාවු මෙවැනි සත්ක්‍රියා වැඩසටහන අගයකොට සලකමින් තත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ සෙසුනිළයින්හට රණක්‍ෂිතයටපත් සියළු රණවිරුවන් විසින් හදපිරි ස්තුතිය පුද කරන ලදි.