Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th December 2019 12:50:25 Hours

රණක්‍ෂතට පත් ආබාධිත යුද හා නාවික රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨාන පාගමන අති උත්කර්ෂවත් අයුරින් අවසානය සනිටුහන් කරන ලදි

තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය හේතුවෙන් ආබාධිතයට පත්ව මේ වන වින රණක්‍ෂතයට පත්ව ඇති රණවිරුවන් හට නව ජිවයක් ගෙන දෙමින් 2019.11.22 වන දින නගදීපය පුරාණ රජමහා විහාරයෙන් ආරම්භවු යුද්ධ හමුදා හා නවික හමුදා රණෂිතයට පත් රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨාණයෙන් යුත් වෙහෙසකර පා ගමන 2019.12.28 වන දින අති උත්කර්ෂවත් අයුරින් ඓතිහාසික කතරගම කිරිවේරහ පූජා භුමියේ නිමාවට පත්වන ලදි.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සේනාංකාධිපතිවරු මෙන්ම බළසේනාංකාධිපතිවරු හා ඒකකයන්හී රාජකාරි කරුණු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් හා ඔවුන් දෙදෙනාගේ පවුලේ සමාජිකයින් ඒ සඳහා සහභාගි වු අතර, ප්‍රථමයෙන් ආගමානු කුලව ආගමික වාතාවක් සිදුකොට ඓතිහාසික කිරිවේ‍හෙර පූජාභුමිය වැඳපුදා ගැනීමෙන් අණතුරුව කතරගම පුරාණ දේවාල වැඳපුදා ගන්නා ලදි.

තවද, මෙම අභිත රණවිරුවන් දෙදෙනා විසින් සිදු කරණු ලැබු විශ්මිත පාගමන සැබැඳිව නැවත සිහිපත් කරමින් කතරගම පූජා භූමි ප්‍රධාන දේශණ ශාලවේදී ඔවුන් දෙදෙනා ඇගයිමට ලක් කරමින් මාධ්‍ය සාකච්චාක් පැවැත්වු අතර, අවසාන අංගය වශයෙන් රණවිරුන් දෙදෙනා වෙනුවෙන් සංවිධානය කරණු ලැබු තේපැන් සංග්‍රහායකට ඒක් වෙන ලදි.