Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd February 2020 15:46:04 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත හදිසී ගිණි ගැණිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති ගම්පොල සරසවිගම ප්‍රදේශයේ 2020.01.31 වන දින ඇතිවු හදිසි ගිණි ගැනීම් තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 11 සේනා මුලස්ථාන සේනාංකාධිපති තුමාගේ පුර්ණ උපදෙස් පරිදි බළප්‍රදේශයේ රාජකාරි කරනු ලබන භට පිරිස් සංඛ්‍යාවක් එම ස්ථානය වෙත කඩිනමින් රපොර්තු කරවන ලදි.

ඒ සදහා 111 බළසේනා මුලස්ථාන, 10 වන ගජබා රෙජිමේන්තුව, 2 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව මෙන්ම ආපදා කළමණාකර පුහුණු පාසල යන ස්ථානයන් හි රාජකාරි ඉටුකරනු ලබන නිලධාරි හය දෙනෙකු හා සෙසුනිලයින් එකසිය හතර දෙනෙකු වු අතර, ඔවුන් සියළුම දේනාගේ දැඩි පරිශ්‍රමයකින් මත එම හදිසී ගිණි ගැනීම සහමුලින්ම මැඩපවත්වන ලදී.