23rd July 2018 19:37:21 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ හපුතලේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් බෙරගල කන්ඳ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි
ඒ අනුව එම හදිසි ගිනි ගැනීම් හපුතලේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් බෙරගල කන්ඳ ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනි ගැනිම් මෙම මුලය වෙත සැලවිමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මකවූ මෙම ආසේමු යටතේ රාජකාරි නියුතු 01 x 20 ක භඨපිරිසක් 2018.07.22 වන දින රපෝර්තු කර ගිනි ගැනිම පාලනය කිරිමට උත්සහ කලද එදින එම ගින්න මැඩපැවත්විමට නොහැකි වු බැවින් 2018.07.23 වන දින ද නැවත එම ස්ථානය වෙත රපෝර්තු කර ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි