Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th July 2024 20:14:54 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ කළුඅඹතැන්න කඳු ප්‍රදේශයේ 2024.07.26 වන දින අළුයම ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මුලස්ථානයේ රාජකාරි නියත නිලධාරීන් හා සෙසු නිලයින් සහ 23 වන විජයබා රෙජිමේන්තුවේ සෙසු නිලයින් (04x45) පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.