Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th August 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 111 පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් කිරලගොල්ල ප්‍රදේශයේ 2023.08.14 වන දින අක්කර 25ක පමණ තේක්ක ඉඩමක ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 4වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයට අයත් නිලධාරීන් හතර ‍දෙනකු හා සෙසු නිලයින් හැටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී