Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th August 2023 14:35:54 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 112 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් බදුල්ල එලදළුව කඳු ප්‍රදේශයේ 2023.08.04 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 112 පාබල බලසේනා මුලස්ථානයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.