Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th August 2020 13:06:37 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රෙද්ශයට අයත් වීරවිල ප්‍රෙද්ශයේ පිහිටා ඇති හිල්ටන් නැමැති හෝටලෙහි ඉදිරිපස ගබඩා කාමරයක් 2020.08.13 වන දින ප:ව 1600 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්ෂණිකව ක්‍රියාත්මක වූ 122 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය මත 06 x 34 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා ජල බව්සර් 03ක් උපයෝගි කර ගනිමින් ගුවන් හමුදා ගිනිනිවන ඒකකයේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.