Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd August 2020 13:08:40 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල කිතල්ඇල්ල ප්‍රදේශයේ අක්කර දහයක පමන භූමී ප්‍රමාණයක් 2020.08.01 වන දින ප:ව 1500 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලය සහ 112 බළසේනා මූලස්ථානයේ රාජකාරි නියතු නිලධාරි දෙදෙනෙකු හා සෙසුනිලයින් විසිනව දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනි ගැනීම සම්පුර්ණයෙන්ම මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.