Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th April 2020 11:40:52 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම මුලස්ථාන බළප්‍රදේශයට අයත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කීල්ස් සුපිරි වෙළඳසැලේ හදිසි ගිණිගැනීමක් 2020.04.18 වන දහවල් 1230 පැයට ඇතිවු අතර, එම ගිණිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වූ අතර, ගිනිගැනීම සැලවීමත් සමඟ ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරි නියුතු නිලධාරින් තිදෙනෙකු හා සෙසුනිලයින් 15 දෙනෙකුගෙන් යුත් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා ගිණිගැණිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.