Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st July 2019 12:23:27 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බළප්‍රදේශයට අයත් වැලිමඩ ප්‍රාදේශිය ලේඛම් කාර්‍යයාලයට අයත් ලුණුගල ප්‍රදේශයේ 2019.06.30 වන 1400 පැයට පමණ හදිසි ගිනිගැනිමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

ඒ අනුව ගිනිගැනීම සැලවීමත් සමඟ ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මුල රාජකාරි නියුතු 01 x 21 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානයන් වෙත ගොස් ගිනිගැනීම දැඩි පරිශ්‍රමයක් යොදවා සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.