Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2018 17:27:57 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් විරකැටිය ගොනදේනිය රක්ෂිතයේ හදිසි ගිනිගැනිමක් 2018.09.01. වන දින 1600 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරි තුමාගේ උපදෙස් පරිදි එම එකකයේ රාජකාරි නියුතු 01 x 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම ගිනිගැනීම මැඩපැවැත්වීම සදහා කටයුතු කරන ලදී.