Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th August 2018 09:52:23 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

12 වන සේනාංක බල ප්‍රදේශයට අයත් වැල්ලවාය ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් වඩිනහෙලයාය කන්ඳ ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2018.08.25 වන දින 1645 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ 9 ශ්‍රිලංසිරෙ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ එම ඒකකයේ රාජකාරි නියුතු 02 x14 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.