Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st August 2018 20:00:44 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

අාරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මූලස්ථාන බල ප්‍රදේශයේ මොණරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හොරොම්බුව ප්‍රදේශයේ 2018.08.20 වන දින හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.

ඒ අනුව එම හදිසි ගිනිගැනීම මැඩපැවත්විමට කටයුතු කරන ලෙස 18 ගැහේබ ඒකකයේ අණදෙන නිලධාරි දැනුවත් කිරිමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මකවූ ඒකකයේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර දැඩි පරිශ්‍රමයක් යොදවා එම ගිනිගැනීම සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.