Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th March 2023 09:30:00 Hours

යුද්ධ හමුදා දායකත්වයෙන් රුක්රෝපණ වැඩසටහනක් හා ශ්‍රමදාන වැඩසටහනක් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය ප්‍රදේශයේ පිහිටි වේළුවනආරණ්‍ය සේනාසනයේ 2023.03.27 වන දින 5 වන ශ්‍රිලංකා පාබල හමුදා ඒකකයේ භට පිරිස් සහභාගිත්වයෙන් උණ පැල 100ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ‍ පවත්වන ලදී.

තවද, මහනුවර කටුගස්තොට ධර්මපාල විහාරස්ථානය නවීකණය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය එම විහාරස්ථානය රැගෙන යාමේ ශ්‍රමදාන වැඩසටහනක් 2023.03.24 වන දින 2 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් භට පිරිස්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.