Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2020 16:36:50 Hours

යුද්ධ හමුදාව සහභාගිත්වයෙන් යුතුව ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

ආසේමු මධ්‍යම බළප්‍රදේශය පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල ශ්‍රි වජිරාරාම මහා විහාරස්ථානයේදී ගර්භණී මවුවරුන් 53 දෙනෙකු උදෙසා පොෂණ මළු හා ළදරු උපකරණ බෙදාදීමේ උත්සවයක් මෙන්ම ආගමානු කුලව ඔවුනට සෙත් පැතිමේ පිංකමක් 2019.12.30 වන දින පවත් වන ලදි.

ඒ අනුව එම උත්සවය නුගේගොඩ උඩාහාමුල්ල සිරි ජිනරථනාරාම විහාරාධිපති පුජ්‍ය කලවින්නේ ධම්මරක්ඛිත නාහිමි පනත් වහන්සේ හා එම දායක සභාව විසින් සංවිධානය කරනු ලැබු අතර, ඒ සදහා 122 බළසේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත වැඩසටහන සර්ථක කිරිම වෙනුවෙන් නිලධාරි හා භටපිරිස් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි.

තවද, එම උත්සව කටයුත්ත වෙනුවෙන් පැමිණ සිටි සියළුම ගර්භණි මවුවරුන් උදෙසා එදින දිවා අහාරයද ලබාදුන් අතර, පසුව වැඩසටහන සංවිධානය කරනු ලබන එම දායක සභාව විසින් ඒ සදහා සහයෝගය දැක්වු සියළුම යුද්ධ හමුදා සෙබළුන් හා සමස්ථ යුද්ධ හමුදා සමාජිකයින් විසින් රටතුල සිදු කරන ලද සියළුම ප්‍රජා සත්කාර වැඩසටහන් සිහිපත් කරමින් ස්තුතිය පුදකරන ලදි.