Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th November 2019 11:18:06 Hours

යුද්ධ හමුදාව සහභාගිත්වයෙන් දියතලාව නගරය අලංකාර වැඩසටහනක් පැවැත්වීම

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දැනට ක්‍රියාත්මකව පවතින ශ්‍රි ලංකාව ප්‍රධාන නගර හා ජනාකීර්ණ ස්ථානයන් ආර්ණය වන පරිදි 'නගර අලංකාර ' වැඩසටහන් පැවැත්වෙන අතර, එහි එක් අංගයක් වශයෙන් දෙස් විදෙස් බොහොමයකගේ ආකාර්ශණය දිනාගත් දියතලාව නගරය ආවර්ණය වන පරිදි ශ්‍රමදාන වැඩසටහනක් 2019.11.28 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදු කරන ලදි.

ඒ සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ අධික්ෂනණය යටතේ මෙම මුලය වෙතින් හා පාලනය වන පුපා හා ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන 01x120 යුත් භඨපිරිස් ප්‍රමාණයක් සහ ගුවන් හමුදා සමාජිකයින් මෙන්ම පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වය මත වැඩසටහන සර්ථක අයුරින් සිදු කරන ලදි.