Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd October 2018 20:32:46 Hours

යුද්ධ හමුදාවේ වර්ථමාන ගවේෂණයක් තුලින් අනාගත දිශානතිය සැලසුම් කිරිමේ දේශණයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් හා මගපෙන්වීම සහ මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදාවේ වර්ථමාන ගවේෂණයක් තුලින් අනාගත දිශානතිය සැලසුම් කිරිමේ දේශණයක් මෙම මුලය හා යටතේ පාලනය වන සේමු/ බසේමු/පුහුණු පාසල් හා ඒකකයන් යටතේ රාජකාරි නියුතු නි/සෙනින්ගේ සහභාගින්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 03 වන දින 0830 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝච් සිනමා ශාලාවේදි පවත්වන ලදි.

මෙහිදි දැනට යුද්ධ හමුදා සාමාජිකයින් තුල ඇති නොසැලකිල්ල හා නොදැනුවත්කම තුලින් හමුදාමය කාර්යන්හි කර්යකෂමතාවය හා හමුදා සාමාජිකයින්ගේ පැවැත්මට ඇතිවී ඇති බලපැම් මගහරවා ගන්නේ කෙසේද යන්න මෙන්ම පහත සඳන් කරුණු පිළිබඳ ඉතා හරවත් දේශණයක් පවත්වන ලදි.

අ. ජාතික සංහිදියාව ගොඩ නැගිමේදි සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරිම සඳහා වර්ථමාන සෙබලාගේ වගකිම.

ආ. හදිසි අනතුරු සහ දිවි නසාගැනිම් වලින් සිදුවන සෙබළ මරණ සංඛ්යාව යුද්ධයේ දි දිනකට මියගිය ගණනට වඩා වැඩිව ඇති අතර, එම තත්වය පාලනය කිරිම සඳහා අපගේ වගකීම.

ඇ. මත්ද්‍රව්‍ය අද රටේ ප්‍රධානතම සමාජ ගැටලුවක් වි අති අතර, ඒ සඳහා සෙබළ සම්බන්ධතාවය විශාල වශයෙන් නිරික්ෂණය වී ඇති බැවින්, එම තත්වය පාලනය කිරිම සඳහා අපගේ වගකීම.

මෙම දේශණය සඳහා 112 වන බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබිලිවි ඒ ඒ විජේසුරිය ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි, නියෝඡ්‍ය සේනාවිධායක (ශ්‍රීලංයුහවිපි) කර්නල් කේ ඒචි කේ කොටිටවත්ත ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම පුහුණු අම වෙතින් ඡ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සමන්ත නිල්මල්ගොඩ යන දේශකයන් විසින් පවත්වන පවත්වන ලද අතර, මේ සඳහා නි/සෙසුනිලයින් 46 x 247 ක පිරිසක් සහභාගිවන ලදි.