Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th July 2024 18:11:08 Hours

යාල ජාතික වනෝද්‍යානයේ මාර් ග පද්ධතිය අළුත් වැඩියා කිරිම

යාල ජාතික වනෝද්‍යානය මෙරට විශාලතම ජාතික වනෝද්‍යාන වලින් එකක් වන අතර, එම වන උද්‍යානය හෙක්ටයාර් 130,000 කට අසන්න භූමි ප්‍රමාණයක් අවරණය කරයි. එය ප්‍රධාන වශයෙන් කලාප පහකට ‍වෙන්කර ඇති අතර, දැනට මහ ජනතාව සඳහා කලාප දෙකක් වෙන් කර ඇත. එයින් සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් වාර්ෂිකව සපයනු ලබයි.

2023 වර්ෂය අවසානයේ ඇති වූ අනපේක්ෂිත අධික වර්ෂාපතනය හේතුවෙන් යාල උද්‍යානයේ එක් කොටසක ප්‍රධාන මාර්ග පද්ධතියේ කි.මි. 147 න් කි.මී. 141 ක ප්‍රමාණයක් ගමනාගමනයට නුසුදුසු තත්ව‍යට පත්විම හේතුවෙන් එම මාර්ග පද්ධතිය යථා තත්වයට පත් කිරිමට සහය ඉල්ලා වනජීවි අධ්‍යක්ෂ ජේනරාල් විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කර තිබුණි. ඉන්පසු යුධ හමුදාපතිගේ අවසරය මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුවරු හට පැවරු අතර එම කාර්යය සඳහා යුධ හමුදාව විසින් යන්ත්‍ර සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්ෂණය යටතේ 2024 ජනවාරි 05 වන දින ආරම්භ කර 2024 ජුනි මස 29 වන දින මාර්ග පද්ධතියේ පිළිසකර කිරීමේ කටයුතු නිම කරන ලදී. යුධ හමුදාව විසින් සිදුකරන ලද මිලියන ගණනක් වටිනා ව්‍යාපෘතිය වනජීවි බලධාරීන්ගේ සහ හෝටල් හිමියන්ගේ ඉමහත් ඇගයීමට ලක් විය. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය නගාසිටවීමට දායකත්වයක් ලැබෙන බවද රාජ්‍ය නිලධාරින් පවසන ලදී.