Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th December 2020 16:35:32 Hours

මෙම මුලයෙහි මාණ්ඩලික නිලධාරි 11 සැපයුම් හා ප්‍රවාහන තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම හි නව මාණ්ඩලික නිලධාරි 11 සැපයුම් හා ප්‍රවාහන තනතුර වශයෙන් ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත්,නි/5329 මේජර් ඩී එල් වයි කේ ලක්පුර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 01 වන දින 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා පාලන/භකාස ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මානි 11 (සැපයුම්/ප්‍රවාහන) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.