Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd January 2020 14:52:50 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 ක්‍රියාන්විත තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම හි ප්‍රධාන ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 ක්‍රියාන්විත තනතුර වශයෙන් ගැමුණු හේවා බළඇණියට අයත් නි/68028 මේජර් අයි එල් එස් ඩි නවරත්න පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජනවාරි මස 02 වන දින උදෑසන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2008.03.10 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 පුහුණු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සියළුම ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලයන් විසින් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 ක්‍රියාන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.