Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th June 2020 11:12:53 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1(ක්‍රියා) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1(ක්‍රියා) වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත්, නි/62967 ලුතිතන් කර්නල් කේ ඩී ගොතටුව ආර්ඩබිලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජුනි මස 03 වන දින පෙ:ව 0900 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන්හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා “ප්‍ර”ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන මාණ්ඩලික 1(ක්‍රියා) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.