Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2025 19:46:29 Hours

භකාස අණසක(මධ්‍යම) ආඥාපතිගේ කඳවුරු සංචාරය

භකාස අණසක (මධ්‍යම) ආඥාපති බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025.03.03 වන දින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය, 2(සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ යුද්ධ හමුදා මූලික රෝහල (දියතලාව) හි කඳවුරු සංචාරයක නිරතවිය.

එහිදී සෑම කඳවුරක් වෙතින්ම කඳවුරු පසුකරයාමේ මුරයක් සමඟින් භකාස අණසක (මධ්‍යම) ආඥාපති තුමන්ව අණදෙන නිලධාරීවරුන් හා සියළු නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව කඳවුරු සංචාරයන් සනිටුහන් කිරීම සඳහා සියළු කඳවුරු පරීශ්‍රයන් තුල පැළයක් රෝපණය කරන ලද අතර, සමූහ ඡායාරූපයකටද සහභාගී විය. අනතුරුව ආඥාපති තුමා කඳවුරු පරීශ්‍රයන් තුල පවතින සියළුම අංශ ආයතන, භඨ නිවාසයන් හා සියළුම අයවළුන්ගේ සනීපාරක්‍ෂක පහසුකම් සබැඳිව සොයා බලා එම ස්ථාන නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳව අණදෙන නිලධාරීන් හට උපදසේ ලබා දෙන ලදී. අනතුරුව අඥාපති තුමා විසින් අමුත්තන්ගේ පොතේ ප්‍රශංසනීය සටහනක් තබා කඳවුරු තුලින් නික්ම යන ලදී.