Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2024 08:00:00 Hours

බිබිල ‍වෙල්ලස්ස ජාතික පාසලේ අනාරක්‍ෂිත ගස් කපා ඉවත් කිරිම

බිබිල ‍වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි ගොඩනැඟිලි මතට ගස් කඩා වැටිමේ අවදානම් තත්වයක් ඇති බැවින් පාසලේ සිසුන්ට අනතුරක් විය හැකි අනාරක්‍ෂිත ගස් ඉවත් කර දෙන ලෙස බිබිල ප්‍රාදේශිය ලේකම්වරයා යුධ හමුදා සහාය ඉල්ලා සිටින ලදී.

ඒ අනුව 12 පාබල සේනාංක සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 2024 ජුනි 28 වන දින එම සහය ලබා දුන් අතර පාසලේ කාර්ය මණ්ඩලයේ 116 දෙනෙකුගේ සහ සිසුන් 2204 දෙනෙකුගේ ආරක්ෂාව සහතික කරමින් එම ගස් ඉවත් කර දෙන ලදී. මෙම කාර්යය 12 පාබල සේනාංකයේ භට පිරිස් සහභාගිත්වයෙන් සිදු කරන ලදී. පාසල් විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය සහ දෙමාපියන් විසින් යුධ හමුදාව වෙතින් සිදු කරන ලද මෙම කර්තව්‍ය පිළිබද දැඩි පැසසුමට ලක් විය.