Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2024 16:44:27 Hours

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය භඨයින් සඳහා දේශනයන් සිදුකිරීම

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය භඨයින්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා දින තුනක පුහුණු වැඩමුළුවක් එම විද්‍යාලය විසින් සංවිධානය කර ඇති අතර, එම වැඩමුළුවට සහභාගි වන ශිෂ්‍ය භඨයින් සඳහා සිතියම් කියවීම, මුලික යුධ උපක්‍රම, ත්‍රිවිධ හමුදාව සහ ජාත්‍යන්තර ශිෂ්‍ය භඨයින් පිළිබඳ දැනුවත් කිරිම සඳහා දේශනයන් සිදුකරන මෙන් එම විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් ඉල්ලීමක් සිදු කර ඇත.

ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පුර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත දේශනයන් සිදු කිරීම සඳහා ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන බළඇණි පුහුණු පාසල කහගොල්ල වෙතින් 2024.05.04 වන දින නිලධාරියෙක් සහ සෙසුනිළයින් තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාඟි කරවීමට කටයුතු කරන ලදි.