Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th May 2018 21:27:10 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් ආසේමු (මධ්‍යම) වෙතින් බෝධිපුජා පිංකමක් පැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 7 වන ශ්‍රි ලංකා සංඥා බළකාය මගින් සියලු කටයුතු සුදානම් කරමින් මෙවර අධි පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන මෙම මුල බෝධි කන්ද බෝ මලුවේදි බොධි පුජාවක් 2018 මැයි මස 29 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.

මෙම පිංකමී මාලාව සඳහා මෙම මුලය යටතේ පාලනය වන පුහුණු පාසල් හා ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස සිදු කල අතර, එම බෝධි පුජා පිංකම සදහා වැඩමවා වදාල කහගොල්ල ආරණ්‍යවාසී පූජ්‍ය ධම්මසේනක ස්වාමින් වහන්සේ විසින් මෙම පොහෝ දිනයේ වැදගත්කම සැබැදිව ඉතා හරවත් ධර්ම දේශණාවක් පවත්වන ලදි.

තවද, මෙම පිංකම් මාලාවේදි යුද්ධ හමුදාධිපති තුමන් හා ආඥාපති ඇතුලුව යුද්ධ හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා හට මෙන්ම සිවිල් සේවක මහතුන් ඇතුලු සකල ලෝකවාසි සියලු දෙනාහට නිදුක් නිරෝගි චිරජිවනය ප්‍රාර්ථනා කරමින් මෙම සඳහම් මොහොත නිමාවට පත් කරන ලදි.