11th June 2025 21:22:59 Hours
පොසොන් පොහොය දිනයට සමගාමීව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් 2025 ජුනි මස 11 වන දින සන්ධ්‍යා කාලයේ ආසේමු(මධ්‍යම) ජන අවන්හල ඉදිරිපිටදි ප්‍රදේශයේ බැතිමතුන්ගේ විඩාව දුරු කරලීම සදහා සමහන් දන්සලක් පැවැත්වුනි
තවද, එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්, ආරක්ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ (ස්වේච්ඡා) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිළයින් මෙම උතුම් වු පුණ්‍යමය කටයුත්ත සාර්ථක ලෙස සිදුකරන ලද අතර, ඒ සඳහා විශාල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගිවන ලදි.