Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd June 2023 09:30:00 Hours

පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් පවත්වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බ/පුනාගල දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.06.23 වන දින එම විද්‍යාලයේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූල සිවිල් සම්බන්ධිකරණ නිලධාරී කර්නල් ජේ ඩී යූ ටී කුමාර ආර්එස්පී යන ජ්‍යෙෂඨ නිලධාරී තුමන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලදි.