Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th January 2019 16:36:24 Hours

පාසල් උපකරණ බෙදාදිම

ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්විම මත අඩු ආදයම් ලාභි පවුල්වල දරු දැරියන් හට පාසල් උපකරණ බෙදාදිමේ වැඩ සටහනක් එරබද්ද, බලන්තොට ඇල්ල, රහුපොල යන විදුහල් හිදි 2019 ජනවාරි මස 05 වන දින පවත්වන ලදි.

මෙම පාසල් උපකරණ පරිත්‍යාග ලබාදිමට කටයුතු සිදු කල මහතුන් හා මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රමානි බ්‍රිගේඩියර් ආර්එමිපීජේ රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පාසල් දරු දැරියන් සඳහා එම උපකරණ ලබා දුන් අතර, මෙමගින් මහත් කැපවීමෙන් ඉගෙනගැනිමට වෙර දරණ මෙම දරු දැරියන්ගේ ඉගෙනිමේ කටයුතු සාර්ථක කර ගැනිම සඳහා මහත් පිටුවහලක් වනු ඇත. මෙහි සිදු කල පරිත්‍යාග පිළිබඳව එම දරු දැරියන්ගේ මවුපියන් මෙන්ම ගරුභවතුන්ගේ මහත් පැසසුමට ලක්වන ලදි.