Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th July 2018 22:06:32 Hours

පාද යාත්ත්‍රාවෙි පැමිනි බැතිමතුන් පිළිගැනිම හා සංග්‍රහ කටයුතු සිදු කිරිම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පිහිටා ඇති කතරගම පුජා භුමියට සෑම වසරකම දහස් ගණන් බැතිමතුන් පාගමනින් කතරගම දක්වා පැමිණෙති. එහිදි මෙම වාර්ෂික පාද යාත්ත්‍රාවට සෑම වසරකම ජුලි මස ඇසළ උත්සවය මුලික කරගෙන ආරම්භ වන අතර, මෙසේ පැමිණෙන බැතිමතුන් යාල ජාතික වන රක්ෂිතය හරහා කතරගම දක්වා ලඟා වේ. මෙවරද මෙම පාද යාත්ත්‍රවෙි පැමිණෙන බැතිමතුන් පිළිගැනිම හා සංග්‍රහ කටයුතු සිදු කිරිම මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්විම යටතේ 2018 ජුලි මස 09 වන දින සිදු කරන ලදි.

මෙම පාදයාත්ත්‍රාවෙි පිළිගැනිම සඳහා 12 සේනාංකා‍යේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එන් ඩි වන්නිආරච්චි ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී අයිජී තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 121 බළසේනා මුලස්ථානය වෙතින් එම කර්යය සර්ථක කරගැනිම සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.