Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th August 2019 16:45:20 Hours

ප්‍රබෝදමත් අතීත මතකයන් යලි ආවර්ජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් පිදුරුතලාගල කන්දේ පිහිටි ස්මාරකය හට නව මුහුණුවරක් ලබාදෙයි

දිවයිනේ මුහුදු මට්ටමේ සිට ඉහලම ස්ථානය වශයෙන් පිහිටා ඇති පිදුරුතලාගල කන්දට පිවිසෙන කිලෝ මීටර 6.2 ක් දිග මාර්ගය වර්ෂ 1990 දී ඉදිකළ අතර, දිගු කාලක් පුරා අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් වසර ගණනාවක් පුරා මෙම මාර්ගය අබලන්ව පැවතිණි.

එමෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද පිදුරුතලාගල කන්දේ පිහිටි ස්මාරකයේ සමරු ඵලකය නිරාවරණය කිරිමට එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එන් යු එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්ඒසිජිඑස්සී නිලධාරි විසින් සිදු කරන ලදි. එහිදී එම මාර්ගය දැනට පවතින මට්ටමට ඉදිකිරීමේදී යුද්ධ හමුදා සොල්දාදුවන්ට මුහුණපෑමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව ද එතුමන් විසින් සිය මතකයන් යලි සිහිපත් කළේය.

තවද, පුරා වර්ෂ 32 ක කාළසීමාවක් දක්වා කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවු මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරිමේ සුවිශේෂි අවස්ථාව වෙනුවෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ අතිරේක ඉංජිනේරු නිලධාරී ජී.ආර්.ඒ.එස්. ගුණතිලක ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින් මෙන්ම සෙසු නිලයින් කිහිප දෙනෙකුන් ද සහභාගී වූහ.