Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th July 2018 20:05:38 Hours

පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලේහි වාර්ෂික සිගිති පොළ

සේවා වානිතා ශාඛාව මගින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි දරු දැරියන්ගේ වාර්ෂිකව පවත්වනු ලබන සිගිති පොළ මෙවරද සේවා වනිතා ශාඛාවේ සාමාජිකාව වන චාන්දනී හේරත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2018.07.26 වන දින 0900 පැයට එම පෙර පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදි

මෙම සිගිති පොල සදහා 11 සේමු හි ව්‍යාපෘති භාර නිලධාරි බ්‍රිගේඩියර් එච් එම් එස් හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා 11 සේමු රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරින් හා සෙසුනිළයින් විශාල ප්‍රමාණයක් සහභාගි වු අතර, එම පෙර පාසල් දරුදැරියන්ගේ දෙමව්පියන් විසින් තත් සිගිති පොල මනා ලෙස සංවිධානය කරන ලදි.