Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd February 2020 14:39:15 Hours

පරිසරය පුජනීයයි තේමාව පෙරදැරි කර ගනිමින් කිරින්ද මුහුදු තිරයේ ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරිම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයක් යටතේ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 122 වන බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණයෙන් හා සහභාගිත්වයෙන් යුතුව දෙස් විදෙස් ආකර්ෂණය දිනාගත් දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන හම්බන්තොට කිරින්ද මුහුද තිරයේ ශ්‍රමදාන කටයුත්තක් 2020.01.31 වන දින සිදු කරන ලදි.

එම ශ්‍රමදාන වැඩසටහන සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශය වෙතින් පාලනය වන 122 වන බළසේනා මුලස්ථානය හා ඒ යටතේ පාලනය වන ඒකකයන්හි නිලධාරි හා සෙසුනිලයින් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගිවු අතර, වෙරළ තිරයේ කි.මි 2 කට ආසන්න ප්‍රදේශයක ඉතා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් එම භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය මත ඉවත් කරන ලදි.