Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th July 2020 19:18:08 Hours

නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තබයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අති නවීන නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා 2020.07.02 දින උදෑසන යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් මුල්ගල තැබීය. පසුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් මධ්‍යම ශ්‍රේණියේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන තෙමහල් නිවාඩු නිකේතනයේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ආර්ඩබ්පී ආර්එස්පී, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂක තුමන්, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඒ.පී එදිරිවීර ආර්ඩබ්පී, 3 වන (ස්වෙච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරී තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වු අතර, ව්‍යාපෘතියේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම පිළිබඳ සොයා බැලු යුද්ධ හමුදාධිපතිතුමන් ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පින් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්හ.